Saturday, July 2, 2011

cute ලමයි හැදීම



අද පුදුම තනිකමක් දැනුනා
මට මගේ පාසල් ජිවිතේ අත්දැකීමක් මතක් උනා
මේ වගේ එවා තියෙන්නේ කෙටි කතාවල කියලා කෙනෙක් කියන්න පුලුවන්
ඒත් මේක මගේ නම් අත්දැකීමක්
ඉස්කොල වල කියලා දෙන්නෙ නම් නම් සමානාත්මතාවය කියන්නේ සමාජ සම්මත මහත්මා ගුණයක් කියලා.
ඒත් ඇස් ඇරලා බැලුවොත් මේ කියන එවා තියද
ඉස්සර මම ඉස්කොලේ යන කාලේ මට තිබුනේ කියුට් ලුක් 1ක් නෙමෙයි
හීන්දැරි කලු කෙල්ලෙක් උනු මට තිබුනේ කන්න බොන්න නැති තැනක් පෙනුමක් වගේ
ඒත් මීටරේ නම් හොදට වැඩ
මොන තරම් මීටරේ හොද උනත් හැමදාම මම වැඩ බැරි කන්ඩායමේ තමයි
මේ කන්ඩායමේ විශේෂත්වය හැමොටම වැඩ බැරි වීම
පන්තියේ කවුරුත් ගනන් ගත්තෙ නම් නැ
ඇයි බන් අපිට වැඩ බැනේ
මම යන්න්තම් පුලුවන් විදියට අනිත් උනුත් ගොඩ දා ගන්නවා
මට ඒ කන්ඩායමේ හිටපු උන්ගෙ මුනු අද වගේ මතකයි
ගොඩක් උන් දුප්පත්,වැඩ උනත් එච්චරම බැ
ඒත් උන් අහින්සකයි,ගති ගුන අතින් සුපිරි
ඉස්සර මට බැරි වැඩක් නැ
ඒත් ගොඩාක් ගුරුවරු අපි ගනන් ගන්නේ වත් නැ
අපි කලුයි කැතයි නේ
හැබැයි හැම ගුරුවරයෙක් ම නම් එහෙම නෙමෙයි
ඉස්සර මට ලස්සනට නටන්න පුලුවන්
පන්තියේ ප්රාසයොගික තියන දවසට ටීචර් මාව ඉස්සරහට ගන්නවා
මට ඉතින් මාර happy
ඉස්සරහ හැමදාම පේලියේ ඉස්සරහම නටන්නේ නැටුම් කන්ඩයමේ ඉන්න ලමයි
මම විතරයි නිකන් කෙල්ලෙකුට හිටියේ
6 වසරේදි මම බලාගෙන හිටියා මම 7 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
7 වසරේදි මම බලාගෙන හිටියා මම 8 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
8 වසරේදි මම බලාගෙන හිටියා මම 9 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
8 වසරේදි මම බලාගෙන හිටියා මම 10 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
10 වසරේදි මම බලාගෙන හිටියා මම 11වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
ඒත් කවදාවත් බලාපොරොත්තු නැති උනේ නැ
මම එතකොට 11
දවසක් නැටුම් තරගෙකට යන්න කcටිය ලහි ලහියේ සූදානම් වෙනවා
ලස්සන නිල් පාට ඇදුම් කට්ටලයක් තිබුනේ
Practice කලේ අපේ Auditorium 1කේ
මම ආසාවෙන් Auditorium 1කේ ජනේලේ එල්ලිලා බලාගෙන හිටියා
මට හිතුනා අනේ මටත් මේ කන්ඩායමේ නටන්න තිබුනා නම් කියලා
මට නටන්න ලැබුනද.
ලැබුනා හොද බැනුමක්
"වදුරු පැටියෙක් වගේ මෙකේ එල්ලිල බලන්නේ නැතුව යන්වා යන්න කියල"ඇහුනා
ඇස් 2 ට කදුලක් ආවත් හිත හදා ගත්තා මෙහෙම හිතලා
"මම කවදා හරි ගුරුවරියෙක් උනොත් වැඩ බැරිම පන්තියේ කැතම උන්ට ගොඩක් ආදරේ වෙන්වා කියල.මොකද බොනික්කො වගේ උන්ට අනිත් හැම ගුරුවරයෙක්ම ආදරේ වෙන නිසා"
මෙකට විසදුම posh, ලස්සන ලමයි හදන1ද

11 comments:

  1. ඔන්න හින තො‍ටුපලට මුල්ම වතාවට ගොඩ වැදුනා... ඇත්ත කතාවක්.... එත් හැමොම තෙරුම් නොගන්න ඇත්තම ඇත්තක් තියනවා... ජිවිතේ බාහිර ලස්සනට වඩා වටින්නේ ගතිගුන කියලා... ඔය හිනේ ලස්සන වෙන්නේ එහෙම හිතන්න පුලුවන් අය මේ ලොකේ වැඩියෙන් ඉපදෙන්න කියලා ලස්සන හිනයක් දකිමු..

    වි.කි: ඔයා පොස්ට් එකක් දාලා තියෙන්නේ ගොඩාක් කාලෙකින්... පුලුවන්නම් පොස්ට් ටිකක් දාන්න...

    ReplyDelete
  2. කාලෙකින් මේ පැත්තෙ එන්න බැරි උනානේ.....
    ඔයා කියපු දේ හරියටම හරි දේවා
    "හැමොම තෙරුම් නොගන්න ඇත්තම ඇත්තක් තියනවා... ජිවිතේ බාහිර ලස්සනට වඩා වටින්නේ ගතිගුන"
    මේ පැත්තේ ආවට තැන්කු වේවා..

    ReplyDelete
  3. දිගටම මේ පැත්තේ එන්න කියලා ෆලෝ එකකුත් දැම්මා.... ඔයා දිගටම ලියන්නකෝ...
    කාලයක් නැවිත් ඉන්නේ නැතුව....
    ජය......

    ReplyDelete
  4. "වදුරු පැටියෙක් වගේ මෙකේ එල්ලිල බලන්නේ නැතුව යන්වා යන්න කියල" කියල තියෙන්නෙ කැතක් ගැන නෙවි නේද?

    වදුරෙක් නැතව කැත සතෙක් ආදේශ කලා නම් තමා එහෙම හිතන්න තිබ්බෙ...

    ReplyDelete
  5. @Anonymous
    අනේ මන්දා බන්
    කොහොම උනත් ලස්සන කැත නිසා
    සලකන විදිය සමහර තැන්වලදි වෙනස්
    මේ පැත්තේ ආවට තැන්කු වේවා..

    චමිත්
    මේ පැත්තේ ආවට තැන්කු වේවා..

    ReplyDelete
  6. තමන්ට නැති දේ ගැන දුක් නොවී ලැබුන දෙයින් සතුටු වෙන එක තමයි කරන්න ඕනා..

    ReplyDelete
  7. ඔව් එක ඇත්ත
    අපේම ලමයෙකුට මේ වගේ දෙයක් උනාම
    උනට කිව්වම
    "තමන්ට නැති දේ ගැන දුක් නොවී ලැබුන දෙයින් සතුටු වෙන එක තමයි කරන්න ඕනා.. "
    කියලා උන්ගෙ පොඩි මොල වලට තේරේද

    ReplyDelete
  8. "හැමොම තෙරුම් නොගන්න ඇත්තම ඇත්තක් තියනවා... ජිවිතේ බාහිර ලස්සනට වඩා වටින්නේ ගතිගුන" sahathika eththa

    ReplyDelete
  9. මේ සමාජේ හරි පුහු ගමනක් යන්නේ..ඔයා කෝම වෙතත් ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  10. matath thiyena lokuma duka ookai..kollo kemathi nehe api vage aya aadaren balanavatavath.un hithanne aadare denenne lassana kellonta vitharai kiyala.

    ReplyDelete

හීනෙට පාටක් එක් කරපු අපේ කස්ටිය