Saturday, July 2, 2011

cute ලමයි හැදීම



අද පුදුම තනිකමක් දැනුනා
මට මගේ පාසල් ජිවිතේ අත්දැකීමක් මතක් උනා
මේ වගේ එවා තියෙන්නේ කෙටි කතාවල කියලා කෙනෙක් කියන්න පුලුවන්
ඒත් මේක මගේ නම් අත්දැකීමක්
ඉස්කොල වල කියලා දෙන්නෙ නම් නම් සමානාත්මතාවය කියන්නේ සමාජ සම්මත මහත්මා ගුණයක් කියලා.
ඒත් ඇස් ඇරලා බැලුවොත් මේ කියන එවා තියද
ඉස්සර මම ඉස්කොලේ යන කාලේ මට තිබුනේ කියුට් ලුක් 1ක් නෙමෙයි
හීන්දැරි කලු කෙල්ලෙක් උනු මට තිබුනේ කන්න බොන්න නැති තැනක් පෙනුමක් වගේ
ඒත් මීටරේ නම් හොදට වැඩ
මොන තරම් මීටරේ හොද උනත් හැමදාම මම වැඩ බැරි කන්ඩායමේ තමයි
මේ කන්ඩායමේ විශේෂත්වය හැමොටම වැඩ බැරි වීම
පන්තියේ කවුරුත් ගනන් ගත්තෙ නම් නැ
ඇයි බන් අපිට වැඩ බැනේ
මම යන්න්තම් පුලුවන් විදියට අනිත් උනුත් ගොඩ දා ගන්නවා
මට ඒ කන්ඩායමේ හිටපු උන්ගෙ මුනු අද වගේ මතකයි
ගොඩක් උන් දුප්පත්,වැඩ උනත් එච්චරම බැ
ඒත් උන් අහින්සකයි,ගති ගුන අතින් සුපිරි
ඉස්සර මට බැරි වැඩක් නැ
ඒත් ගොඩාක් ගුරුවරු අපි ගනන් ගන්නේ වත් නැ
අපි කලුයි කැතයි නේ
හැබැයි හැම ගුරුවරයෙක් ම නම් එහෙම නෙමෙයි
ඉස්සර මට ලස්සනට නටන්න පුලුවන්
පන්තියේ ප්රාසයොගික තියන දවසට ටීචර් මාව ඉස්සරහට ගන්නවා
මට ඉතින් මාර happy
ඉස්සරහ හැමදාම පේලියේ ඉස්සරහම නටන්නේ නැටුම් කන්ඩයමේ ඉන්න ලමයි
මම විතරයි නිකන් කෙල්ලෙකුට හිටියේ
6 වසරේදි මම බලාගෙන හිටියා මම 7 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
7 වසරේදි මම බලාගෙන හිටියා මම 8 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
8 වසරේදි මම බලාගෙන හිටියා මම 9 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
8 වසරේදි මම බලාගෙන හිටියා මම 10 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
10 වසරේදි මම බලාගෙන හිටියා මම 11වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
ඒත් කවදාවත් බලාපොරොත්තු නැති උනේ නැ
මම එතකොට 11
දවසක් නැටුම් තරගෙකට යන්න කcටිය ලහි ලහියේ සූදානම් වෙනවා
ලස්සන නිල් පාට ඇදුම් කට්ටලයක් තිබුනේ
Practice කලේ අපේ Auditorium 1කේ
මම ආසාවෙන් Auditorium 1කේ ජනේලේ එල්ලිලා බලාගෙන හිටියා
මට හිතුනා අනේ මටත් මේ කන්ඩායමේ නටන්න තිබුනා නම් කියලා
මට නටන්න ලැබුනද.
ලැබුනා හොද බැනුමක්
"වදුරු පැටියෙක් වගේ මෙකේ එල්ලිල බලන්නේ නැතුව යන්වා යන්න කියල"ඇහුනා
ඇස් 2 ට කදුලක් ආවත් හිත හදා ගත්තා මෙහෙම හිතලා
"මම කවදා හරි ගුරුවරියෙක් උනොත් වැඩ බැරිම පන්තියේ කැතම උන්ට ගොඩක් ආදරේ වෙන්වා කියල.මොකද බොනික්කො වගේ උන්ට අනිත් හැම ගුරුවරයෙක්ම ආදරේ වෙන නිසා"
මෙකට විසදුම posh, ලස්සන ලමයි හදන1ද