Saturday, July 2, 2011

cute ලමයි හැදීම



අද පුදුම තනිකමක් දැනුනා
මට මගේ පාසල් ජිවිතේ අත්දැකීමක් මතක් උනා
මේ වගේ එවා තියෙන්නේ කෙටි කතාවල කියලා කෙනෙක් කියන්න පුලුවන්
ඒත් මේක මගේ නම් අත්දැකීමක්
ඉස්කොල වල කියලා දෙන්නෙ නම් නම් සමානාත්මතාවය කියන්නේ සමාජ සම්මත මහත්මා ගුණයක් කියලා.
ඒත් ඇස් ඇරලා බැලුවොත් මේ කියන එවා තියද
ඉස්සර මම ඉස්කොලේ යන කාලේ මට තිබුනේ කියුට් ලුක් 1ක් නෙමෙයි
හීන්දැරි කලු කෙල්ලෙක් උනු මට තිබුනේ කන්න බොන්න නැති තැනක් පෙනුමක් වගේ
ඒත් මීටරේ නම් හොදට වැඩ
මොන තරම් මීටරේ හොද උනත් හැමදාම මම වැඩ බැරි කන්ඩායමේ තමයි
මේ කන්ඩායමේ විශේෂත්වය හැමොටම වැඩ බැරි වීම
පන්තියේ කවුරුත් ගනන් ගත්තෙ නම් නැ
ඇයි බන් අපිට වැඩ බැනේ
මම යන්න්තම් පුලුවන් විදියට අනිත් උනුත් ගොඩ දා ගන්නවා
මට ඒ කන්ඩායමේ හිටපු උන්ගෙ මුනු අද වගේ මතකයි
ගොඩක් උන් දුප්පත්,වැඩ උනත් එච්චරම බැ
ඒත් උන් අහින්සකයි,ගති ගුන අතින් සුපිරි
ඉස්සර මට බැරි වැඩක් නැ
ඒත් ගොඩාක් ගුරුවරු අපි ගනන් ගන්නේ වත් නැ
අපි කලුයි කැතයි නේ
හැබැයි හැම ගුරුවරයෙක් ම නම් එහෙම නෙමෙයි
ඉස්සර මට ලස්සනට නටන්න පුලුවන්
පන්තියේ ප්රාසයොගික තියන දවසට ටීචර් මාව ඉස්සරහට ගන්නවා
මට ඉතින් මාර happy
ඉස්සරහ හැමදාම පේලියේ ඉස්සරහම නටන්නේ නැටුම් කන්ඩයමේ ඉන්න ලමයි
මම විතරයි නිකන් කෙල්ලෙකුට හිටියේ
6 වසරේදි මම බලාගෙන හිටියා මම 7 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
7 වසරේදි මම බලාගෙන හිටියා මම 8 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
8 වසරේදි මම බලාගෙන හිටියා මම 9 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
8 වසරේදි මම බලාගෙන හිටියා මම 10 වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
10 වසරේදි මම බලාගෙන හිටියා මම 11වසරේදි නැටුම් කන්ඩායමට ගනි කියලා
ඒත් කවදාවත් බලාපොරොත්තු නැති උනේ නැ
මම එතකොට 11
දවසක් නැටුම් තරගෙකට යන්න කcටිය ලහි ලහියේ සූදානම් වෙනවා
ලස්සන නිල් පාට ඇදුම් කට්ටලයක් තිබුනේ
Practice කලේ අපේ Auditorium 1කේ
මම ආසාවෙන් Auditorium 1කේ ජනේලේ එල්ලිලා බලාගෙන හිටියා
මට හිතුනා අනේ මටත් මේ කන්ඩායමේ නටන්න තිබුනා නම් කියලා
මට නටන්න ලැබුනද.
ලැබුනා හොද බැනුමක්
"වදුරු පැටියෙක් වගේ මෙකේ එල්ලිල බලන්නේ නැතුව යන්වා යන්න කියල"ඇහුනා
ඇස් 2 ට කදුලක් ආවත් හිත හදා ගත්තා මෙහෙම හිතලා
"මම කවදා හරි ගුරුවරියෙක් උනොත් වැඩ බැරිම පන්තියේ කැතම උන්ට ගොඩක් ආදරේ වෙන්වා කියල.මොකද බොනික්කො වගේ උන්ට අනිත් හැම ගුරුවරයෙක්ම ආදරේ වෙන නිසා"
මෙකට විසදුම posh, ලස්සන ලමයි හදන1ද

Sunday, May 29, 2011

පැන්චා පැන්චී ට කියන්නේ මොකද්ද?



මේ ජොඩුව මොනවා කියනවා ඇත්ද?
මම හිතන්නේ මෙහෙමයි කියනවා ඇත්තේ.....

A:පිස්සු කරන්න එපා පැන්චො........

B:ඔයා දැක්කම ආදරේ හිතෙනවා නේ.......

A:කවුරුහරි මෙතන බලන් ඉන්නවා

ඔයාලා කොහොමද හිතන්නේ......

Sunday, May 22, 2011

මෙන්න මෙහෙමයි යාලු කරගන්නේ

පැන්චා අපි වෙසක් බලන්න යමුද?
අපිට ලොකු මාලිගවක් තිබුනේ නැතත්
මාලිගාවක තියන සතුටට වඩා සතුටක් අපේ ගෙදර තිබුනා
ඒ කිරි පැනි වගේ දෙන්නෙක් ඉන්න නිසා
තරහා වෙලා 1 මිනිත්තුවෙන් අපි යාලු වෙනවා.....
හැබයි යාලු උනාම ආදරේ
පරාක්රයම සමුද්රෙය වගේ
අද වෙසක් දවස
වෙසක් සද ලස්සනටම පායල තිබුනා හැමදාම වගේ
හැබඉ වෙනදට වඩා ලස්සනයි
අපි බැදපු ගමන් නිසා වෙන්න ඇති
සෙනග ඇති නේද?
කොහොමත් පන්සල් යනවනේ මැනික.....
ඒ ගමන් යමු
ඔන්න හැබයි මගේ පොඩි කෙල්ල වගේ
කකුල් රිදෙනවා කියන්න බැ හොදද?
බැ මම කියනවා එතකොට මාව වඩාගෙන එනවනේ....
හාපො කොහොමද නාකි බබාලා වඩාගන්නේ
අනේ මට දන්සලකින් කන්නත් ඔනේ ඔන්න
ම්ම්ම්ම්...........
මොකද ඒ .........
දොලදුකද පැටි?
ඒ ඒ ඒ ඒ ඒයි
ගුටියක් දෙනවා මම
තාම නම් නෑ...........
ඒක මිසක්......
මොඩයත් එක්ක තරහයි මම
අපි යමුද මැනික
පරක්කු වෙයි නැත්නම්
ඔව් නේද?
අර බලන්නකො ලස්සනට හද පායලා.......
ඔයා වගේ අහින්සකයි මැනික
හැබයි ඔයා වගේ කලු නැනේ
හූඌඌඌ
දැන් නම් තරහයි....
එහෙනම් සුදු මැනිකක් හොයාගන්න තිබුනනේ
බැනේ ඉතින් කලු මැනිකක් තමා ඉස්සර හෙව්වේ
දැන් නම් ඇත්තටම තරහයි
මම දන්නව යාලු කරගන්න.......
මෙන්න මෙහෙමයි


හො හො.........
මට බනින්න එපා අනේ.
පොයත් පහුවෙලා.....
අපිට ලස්සන පොඩි ගේකුත් නැ
බදින්න හිතල වත් නැ......
තාම පොඩි කෙල්ලො,කොල්ලො,
හැබයි
මම වරදක් කලේ නැ.
මොකද
හීන තියෙන්නේ අතරම0 වෙන්න නිසා......
එ හීනේට පාටක් එකතු කරන්න කො
පහල පොඩි ඉඩක් තියනවා.......

Thursday, August 5, 2010

ඉර හද හා ඔබ මම




මේක අලුත් දෙයක්.මේක මම ගොඩාක් විශේෂ කෙනෙකුට විශේෂ  දවසක් වෙනුවෙන් ලියන බ්ලොග්1ක්.ලස්සනට ලියන්න නම් බැරිඋනාට මේක ඔයා වෙනුවෙන්........
ඔයාගේ ආදරය වෙනුවෙන්........

ලස්සන ඉර බැහගෙන එන හැන්දැවක
නෙමෙයි....
එහෙනම්
ලස්සනම ලස්සන දවසක
ඉරයි හදයි මුනගහුන.......
ඉර හරිම සැරයි වගේ නේද?
හ්ම්ම්........
සැරයි වගේ තමයි.....
ඒත් එච්චර කාරුනික හදවතක් දැක්කෙ
අම්මගෙනුයි,තාත්තාගෙනුයි පස්සේ
ඒ ඉර තමයි......
හදේ පාට නම් අහින්සකයි නේද?
හැබයි
පාට අහින්සක උනාට හද හරීම සැරයි...


හැබයි තරහ ගියාම
හදට ඉකමන්ටම දුක හිතෙනවා.....
ඉර වගේ නෙමෙයි හද නම් හරිම කම්මලියෙක්.....
එයා ඉර වගෙ නෙමෙයි පොඩ්ඩ්ක් වැඩ කරලා
නිදිය ගන්නවා.
බලන්නකො දැන් හද පායලනම්....
හද බලන්නෙම ගහකට මුව වෙලා දොයියගන්න
ඉර වගේ නෙමෙයි හදට තරහ ගියාම
තරහවෙලා ඉන්නවනෙ
මුලු ලොකෙම කලුවර කරලා.....
එතකොට තමයි ආමාවක එන්නේ
අනේ ඉර එහෙම නැ.
හරිම කාරුනිකයි...
හැමදාම එනවා........
ඔයාල දන්නෙ නැනේ
ඉරට ලස්සනම ලස්සන ඇස් දෙකකුත්
තියනවා..
හබැයි එක පෙන්නේ හදට විතරයි......
ඔයාල වැරදිලාවත් බලන්න එපා හොදද?
හරි හරි අදට හිනය ඉවරයි....
බලන්න දැන් නැගිටින්න.......
ඔය තියෙන්නෙ ඔයාගේ ඉස්සරහ කම්පුටරේ...
දැන් ඉන්නේ පියවි ලොකේ..........
අමතක උනා......
අද හිනයට ජීවයක් දෙන්න
මොනවහරි ලියල යන්නත් අමතක කරන්න එපා